අයිස් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කිරීම අරඹා මේ වනවිට වසර 5500කටත් වැඩි බව ලිකිත ඉතිහාසය සාක්ශී දරයි. වෛද්‍ය විද්‍යාව පිළිබදව ලියැවී ඇති පැරණිම ලේඛනය වන Edwin Smith Papyrus ඊජිප්තුවේ ක්‍රි.පූ. 3500 පමණ ඈත කාලයේදීද අයිස් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල බව ලියැවී ඇත. (Wang et al. 2006) පුරාණ ග්‍රීසියේ වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපෝක්‍රටිස් (ක්‍රි.පු. 440 – 360) කාලයේදීද අයිස් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කල බව සදහන්‍ ය (Jouanna J. 2012)

නූතන ඉතිහාසයේ නැපෝලියන්ගේ ප්‍රංශ හමුදා රුසියාව ආක්‍රමණයේදී ප්‍රංශ ශල්‍ය වෛද්‍ය Baron de Larrey වර්ශ 1842 දී යුද්ධයෙන් ආබාධිත සෙබලුන්ගේ ශල්‍යකර්ම වලදී ශල්‍යකර්මයේදී වේදනාව අඩු කිරීම සදහා අයිස් වලින් ඔතා තැබු බව සදහන්‍ ය. (Jasqui S. 2010) වෛද්‍ය Irvine Cooper (1922-1985) පලමු Cryoprobe system එක භාවිතා කරමින් වර්තමානයේ ප්‍රචලිත Cryogenic surgery ක්‍රමය සොයා ගන්නා ලදී. (Das K. 1998) මේ වන විට ලෝකයේ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා ICE ප්‍රතිශ්ඨාපන (Recovary) ක්‍රමවේදයක් ලෙස භාවිතා කරයි. ඇත්තටම මෙය ප්‍රතිඵලදායකද?

මේ පිලිබදව පර්‍යේශණ කල පර්‍යේශකයන් හොද සහ නරක ලෙස මිශ්‍ර අදහස් පල කරයි. පුහුණුවකට පසු Ice bath හෝ සීත ජලය භාවිතා කිරීම මගින් පේශී පටක යතා තත්වයට පත්වීම, පේශී වර්ධනය, රුධිර ගමනාගමනය යතා තත්වයට පත්වන බව (Yamane et al) සමහරු සොයා ගෙන ඇත.
Delayed onset muscle soreness (DOMS) තත්වය සමනය කිරීමට අයිස් බාත් වලට හැකියාවක් නොමැති බව සමහරුන්ගේ මතය වී තිබේ. (Sellwood et al)
සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක් දක්වන (Schiziepp et al) පර්‍යේශණ කණ්ඩායම පවසන්නේ අයිස් බාත් මගින් උපරිම බලය (Maximum power) 13.7% කින්ද, උපරිම හර්ද ස්පන්දනය 8.1% මේ නිසා අඩුවන බවයි. මේ සදහා ඔහු වුර්තියමය බයිසිකල් ධාවකයන් යොදා පර්‍යේශණය කර ඇත.
මෙයට සමාන අදහසක් දක්වන (McDonald et al) පර්‍යේශණ කණ්ඩායම පවසන්නේ අයිස් බාත් ක්‍රමය නිසා isometric hand grip දක්ශතාවය 30% පමණ අඩුවූ බවයි.
Hamlin and Morton යන පර්‍යේශකයන්ගේ සොයා ගැනීමට අනුව Contrast temparature water theraphy (ICE and HOT) ක්‍රමය මගින් ක්‍රියාකාරකමකට පසු ශරීරයේ තැන්පත් ලැක්ටික් මට්ටම අඩු කිරීම සදහා යෝග්‍ය බව පෙන්වා දී ඇත.
එලෙසම ව්‍යායාමයක් හෝ ක්‍රීඩා පුහුණුවකට පසු පේශී වල ඇතිවන ක්ශුද්‍ර ඉරීයෑම් (micro tears) නිසා ඇතිවන කේශණාලිකා හානිවීම නිසා සිදුවන අභ්‍යන්තර රුධිර වහනය වලක්වා ගැනීමට අයිස් භාවිතා කිරීම නිසා හැකි බවත් එවිට කේශනාලිකා අග්‍ර සංකෝචනයවී ( Vasoconstriction) රුධිර ගලනය නවතින බවත් සමහර පර්‍යේශකයන්ගේ මතයයි.
ව්‍යායාම හෝ ක්‍රීඩා පුහුණුවකට පසු ප්‍රතිශ්ඨාපනය සදහා වඩාත් සුදුසු Active rest බව බොහෝ පර්‍යේශකයන්ගේ මතයයි. ඉතා අඩු තීව්‍රතාවයක් යටතේ ස්වායි ව්‍යායාම මේ සදහා යොදාගත හැක.( slow jogging,Cycling, swimming etc…)

මේ ගැන ඔබේ මතය සහ අත්දැකීම කුමක්ද? කමෙන්ට් එකක් දාලා අනික් අයටත් බලන්න ශෙයාර් කරන්න.

JANAKA SAMARASINGHE
BSc. Sport and Exercise Science
Edingbourgh Napier Univercity – UK
Member;- NSCA – CSCS

Leave a comment